May 11, 2022 at 10:12 pm | lankacgossip
නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.
ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසි සාකච්ඡාව පැවැත්විය.
තමන් අමාත්‍ය ධුරය ලබා ගතහොත් සහයෝගය ලබාදිය හැකි දැයි වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කීපයකින්ම දුරකථනය මාර්ගයෙන් විමසා ඇත.
මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකිරීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 25 කට වැඩි පිරිසක් සූදානම් සිටින බවයි.
3,808 views