April 22, 2022 at 3:50 pm | lankacgossip
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම විසින් බෙදා හරින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා තිබේ.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 5175කි. එම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක පැවති මිල වූයේ රුපියල් 2750කි.
කෙසේ වෙතත් මේ වන විට ලිත්‍රො ගෘහස්ථ ගෑස් ඉන්ධන නිකුත් නොකරන බව සමාගම නිවේදනය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ තමන් සතුව තිබූ තොග අවසන් වීමයි.
සමාගමේ සීමිත තොග අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් බෙදා හරින බව සමාගම සඳහන් කලේය.
එළඹෙන 25 වනදා නව ගෑස් තොග ලැබීමෙන් පසු නැවතත් සාමාන්‍ය ලෙස ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.
4,201 views