Sinhala

lankacgossip | ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කලොන් හෙට මන්ත්‍රී ධුරය අත්හරිනවා…


April 22, 2022 at 12:00 pm | lankacgossip

ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කලොන් හෙට මන්ත්‍රී ධුරය අත්හරිනවා…

ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්‍රීවරයා එහෙත් ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.

රාජපක්ෂ මහතා හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.

1,687 views



Source link

Related posts

lankacgossip | Exclusive : 40ක් සෙලවෙයි.. ආණ්ඩුවේ 2/3 බිදෙයි..? 112ත් විශ්වාස නැති තැනක…?

Rohan

lankacgossip | ලොහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කියයි..

Rohan

lankacgossip | අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy