April 22, 2022 at 4:40 pm | lankacgossip
නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ගොඩහේවා මහතා පසුගිය 18 වැනිදා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නද ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විසි වෙනිදා ජනාධිපතිවරයාට යොමු කර තිබූ බවද හෙතෙම පැවසීය.
දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදු වෙමින් යන නිසා අදාළ ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍යවලට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තව දුරටත් පැවසීය.
2,039 views