April 22, 2022 at 2:10 am | lankacgossip
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දක්වා සහ රඹුක්කන ප්රදේශයේ විරෝධතාවයේ නියැලි සිටි තරුණයෙකුට පොලිසිය වෙඩි තබා ඝාතනය කිරිමට විරෝධය පාමින් වතු කම්කරුවෙකු අඩි 100 උසැති ගසක් මත නැග විරෝධතාවයක් ආරම්භ කර ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්රි තේ වත්තේ පහල කොටසේ පදිංචි පලණියන්ඩි මුරුගේෂ් නැමති (44) හැවිරිදි අයෙකු එම වතු යායේ තේ වත්තේ පිහිටි අඩි 100 පමණ උසැති සවුක්ක ගසක් මත නැග සිංහ කොඩියක් අතතිව මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.
ඔහුට සහයෝගය දැක්විම පිණිස එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් ගස පාමුල රැදි සිටින අතර,ජිවන වියදම ඉහල යාම හමුවේ වතු කම්කරුවන් ඇතුළු රටේ සමස්ත ජනතාව පිඩාවට පත් වි ඇති බවත්,ඒ අනුව වත්මන් පාලකයින් රට පාලනය කල හැකි අයට පාලන බලය ලබාදි ගෙදර යන ලෙසයි ගස මත නැග උද්ඝෝෂණයේ නියැලෙන පලණියන්ඩි මුරුගේෂ් කියා සිටින්නේ.
ආරක්ෂක අංශ නිලධාරි තමන්ව ගසින් බැස්සවිමට උත්සහ කලහොත් රට වෙනුවෙන් තමන් ගසින් බිමට පැන සියදිවි හානි කර ගන්නා බවද පලණියන්ඩි මුරුගේෂ් අවධාරණය කර සිටිහ.
– හැටන් රංජිත් රාජපක්ෂ
211 views