April 21, 2022 at 10:22 pm | lankacgossip
‘පක්ෂ නායකයන් සියල්ල ජනාධිපතිතුමාට කියනවා නම් ඉල්ලා අස්වෙන්න කියලා එතුමා ඉල්ලා අස්වෙන්න සුදානම් බව කථානායකතුමා පක්ෂ නායක හමුවේදී කිව්වා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
‘ගරු කථානායකතුමනි, පක්ෂ නායක රැුස්විමේදී මතු වූ කාරණාවක් සම්බන්දයෙන් සංවාදයක් ඇති වුනා මා සභා ගැබේ නොමැති අවස්තාවක.
ඇත්ත වශයෙන්ම පක්ෂ නායක රැස්වීම පටන් ගත්ත වෙලාවේ ඔබතුමා තමයි කිව්වේ , පක්ෂ නායකයන් සියල්ල ජනාධිපතිතුමාට කියනවා නම් ඉල්ලා අස්වෙන්න කියලා එතුමා ඉල්ලා අස්වෙන්න සුදානම් කිව්වා. ඔබතුමා කිව්වා එතුමාට ප්‍රශ්නේ තියෙන්නේ එතුමා අස් වුනොත් ඊළගට මොකක්ද වෙන්නේ කියලයි කිව්වේ.ඔබතුමා කිව්වේ එහෙමයි.
අනික මේ ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ නැ අපිට ගන්න පුළුවන්. අපිට 113 තියනවා’
– මාධ්‍ය ඒකකය
2,273 views