Sinhala

lankacgossip | ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..


April 21, 2022 at 3:00 pm | lankacgossip

ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වීම සිදුවන බවයි.

එවන් අවස්ථාවක දැනට සැඟවී සිටින බැසිල් රාජපක්ෂ මහතා පැමිණ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ජනාධිපති වීමේ අවදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියේය.

එනිසා සිදුකළ යුත්තේ ජනාධිපතිවරයා යම්කිසි වැඩපිළිවෙලකට සිරකර යම්කිසි කාලයක් ඉදිරියට ගමන් කිරීම බවත් ඔහු පැවසීය.

මූලික කොටම අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී එම කටයුත්ත ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

4,241 views



Source link

Related posts

lankacgossip | මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කයන්න උවමනා නෑ…

Rohan

lankacgossip | කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර රැසක් වරායේ හිරවේ.. මිල විශාල ලෙස ඉහල යාවි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy