April 16, 2022 at 12:40 pm | lankacgossip
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා රටින් පිට වී ඇති බවට අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.
ඔහු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ලංකා පෞද්ගලික රෝහලට නේවාසික විය.
පසුව අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපලේ සිට පෞද්ගලික ගුවන් යානාවකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව එම වාර්තාව සඳහන් කරයි.
කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සදහන් කරන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
219 views