Sinhala

lankacgossip | අත්‍යවශ්‍ය සේවා ඉන්ධන සීමාවෙන් ඉවතට.. අත්‍යවශ්‍ය සේවා රැසක් රට තුල..


April 16, 2022 at 11:20 am | lankacgossip

අත්‍යවශ්‍ය සේවා ඉන්ධන සීමාවෙන් ඉවතට.. අත්‍යවශ්‍ය සේවා රැසක් රට තුල..

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමට හැකි බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඊයේ දිනයේ සිට සිපෙට්කෝ පිරවුම් හල් වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පනවා ඇති අතර එම සීමා පැනවීම සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි.

යතුරු පැදි සඳහා රුපියල් දහසක, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 1500ක, කාර් වෑන් ජීප් ඇතුළු අනිත් වාහන සදහා රුපියල් 5000 දක්වා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සීමා කර තිබේ.

නමුත් ලොරි බස් ඇතුළු පොදු ප්‍රවාහන සහ කෘෂිකාර්මික කටයුතු වලට යෙදවෙන වාහන සඳහා එම සීමා බල නොපායි.

මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස සේවාවන් රැසක් නම් කිරීමට රජය කටයුතු කර ඇත.

539 views



Source link

Related posts

lankacgossip | මල් වඩමක් රුපියල් දස දහසයි..

Rohan

lankacgossip | රට පුරා භූමිතෙල් පෝලිම්.. නිකුත් කිරීම සලාක ක‍්‍රමයට..

Rohan

lankacgossip | පාසිකුඩා සැලැස්ම යලි සක‍්‍රිය කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy