April 16, 2022 at 2:19 am | lankacgossip
විදුලි කප්පාදුව හේතුවෙන් නිවසේ භාවිතා කරමින් තිබූ විදුලි ජනන යන්ත්රයක් පිපිරීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි කාන්තාවක් සහ ඇයගේ දියණිය මරණයට පත්ව ඇත.
බදුල්ල කැප්පෙටිපොල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 9ක් වන ඇයගේ දියණියක් මෙසේ මියගොස් තිබේ.
මෙම පිපිරීම සිදුව ඇත්තේ පසුගිය 29 වනදා වන අතර පිපිරීමෙන් පසු මියගිය කාන්තාව සහ ඇයගේ දියණිය සහ පුත්රයා රෝහල් ගත කර ඇත.
අනතුරින් තුවාල ලද පස් හැවිරිදි පිරිමි දරුවා තව දුරටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියි.
89 views