April 15, 2022 at 10:00 am | lankacgossip
රාජපක්ෂලාගේ සියලු ධනය සගවා ඇත්තේ උගන්ඩාවේ බව විදෙස් රටකදී ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේ යෙදුන තරුණයෙකු රටකදී සඳහන් කරයි.
පසුගිය 2021දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනකින් මුද්‍රිත ද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකාවෙන් උගන්ඩාව බලා පිටත් කර හරිනු ලැබුවේ ඩොලර් ප්‍රමාණයක් බව ද ඔවුන් කියා සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී තිරුපති බලා ගිය පුද්ගලික ජෙට් යානාව ඉතාලියේ ලියාපදිංචි කර ඇත්තේ එම මුද්‍රිත ද්‍රව්‍ය උගන්ඩාවට යැවීමෙන් පසු බවත් ඔවුන් කියා සිටියහ.
කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කරන්නේ 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාව බලා මුද්‍රිත ද්‍රව්‍ය 102ක භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ගුවන් සමාගමට ඇණවුමක් ලැබුණු බවයි.
එය සම්පූර්ණයෙන්ම වාණිජමය ඇණැවුමක් බවත් එය ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ලබා දුන් බවත් සමාගම සඳහන් කරයි.
භාණ්ඩ ප්‍රවාහනය වාණිජමය හේතූන් මත පමණක් සිදුකරන ලද්දක් බවද ගුවන්සේවය කියා සිටී.
338 views