Sinhala

lankacgossip | නිවසක සගවා තිබු ගැස් සිලින්ඩර් 230 ක් අත්අඩංගුවට….


April 15, 2022 at 7:20 pm | lankacgossip

නිවසක සගවා තිබු ගැස් සිලින්ඩර් 230 ක් අත්අඩංගුවට….

වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගැස් සිලින්ඩර් 230 ක් (15) දින පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.

ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක ලිට්‍රෝ ගැස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේද සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කර ඇත.

මෙම වැටලිමේදි කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් 177 ක් , කිලෝ 5 ගැස් සිලින්ඩර් 28 ,කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් සෙයාගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගැස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයාට නිකුත් කරන ලද ගැස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර එම ගැස් තොගය අලෙවි නියෝජිතයාගේ නිවසේ සගවා වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව නුවරඑලිය  පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් හිගයක් පවතින බවත්,තම අලෙවි නියොජිතයාට අලෙවි කරනු ලබන ගැස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම සම්බන්ධයෙන් අලෙවි නියෝජිතයාට එරෙහිව සමාගම විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ලිට්‍රෝ ගැස් සමාගමේ මධ්‍යම ඌව සබරගමු පලාත් භාර ජෙෂ්ඨ කලමණාකරු සාරංග විජේසිංහ මහතා පැවසිය.

අත්අඩංගුවට ගැස් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගෙන් ලැබෙන නියෝගය මත පොලිස් භාරයට ගත් ගැස් සිලින්ඩර් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

617 views



Source link

Related posts

lankacgossip | ෆයිසර් පමණයි.. රෝහල්වල පමණයි.. දරුවන් එන්නත්කරණ වැඩපිලිවෙල මෙන්න…

Rohan

lankacgossip | නව කැළණි පාලම යහපාලන වැඩක්.. මේ ආණ්ඩුව කල දෙයක් නෑ.. යහපාලනය ව්‍යාපෘති විවෘත කරනවා පමණයි..

Rohan

lankacgossip | සීගිරියේ ආරක්‍ෂකයෙක් ඇමරිකා සංචාරකයෙකුට කුණුහරුපෙන් බනිමින් බහර දෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy