April 14, 2022 at 12:00 pm | lankacgossip
ලෝක බැංකුව විසින් මෙරට ආර්ථික වාතාවරණය සහ ඉන් ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව සිය කනස්සල්ල පළකර තිබේ.
ශ්‍රී ලංකාවේ දුප්පත් හා අවධානමට ලක් වී සිටින ජනතාව සදහා හදිසි ආධාර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව සඳහන් කරයි.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂවරයා සඳහන් කරන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරමින් සිටි මෙරට ජනතාවගේ යහපත උදෙසා ක්‍රියා කිරීමට පියවර ගන්නා බවයි.
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තිරසාර හා සාර්ව වර්ධනයක් සිදුවිය යුතු බවත් ඒ සඳහා විශේෂයෙන් යොමු වූ ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
1,502 views