Sinhala

lankacgossip | වැඩි මිලට ගෑස් විකිණූ අලෙවි නියෝජිතගේ නියෝජිත ධුරය අත්හිටුවයි….


April 15, 2022 at 2:17 am | lankacgossip

වැඩි මිලට ගෑස් විකිණූ අලෙවි නියෝජිතගේ නියෝජිත ධුරය අත්හිටුවයි….

ලිට්‍රෝ ගැස් සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කල හැටන් දික්ඔය ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකුගේ අලෙවි නියෝජිත ධුරය තාවකාලිකව අත්හිටවු බව මධ්‍යම , ඌව , සබරගමුව පළාත භාර ජෙෂ්ඨ පළාත්භාර කලමණාකරු සාරංග විජේසිංහ මහතා පැවසිය.

(11) දින තම සමාගම විසින් දික්ඔය ප්‍රදේශයේ අලෙවි නියෝජිතයාට කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 80 ක් ලබාදුන් බවත්,එම ගැස් සිලින්ඩරයක් රු 1761.00/= අලෙවි කිරිමට උපරිම සිල්ලර මිලක් සමාගම විසින් නියම කර තිබියදි එම අලෙවි නියෝජිතයා කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 3000/= අලෙවි කිරිමට ටොකන් පත් නිකුත් කර තිබු බවට ලද පැමිණිල්ලක් සමාගම විසින් විමර්ෂණයක් සිදු කරන නිසා එම අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය තාවකාලිකව අත්හිටවු බවයි සාරංග විජේසිංහ මහතා කියා සිටියේ.

මේ අතර හැටන් දික්ඔය දරවල මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයා කියා සිටින්නේ සමාගම විසින් ලබාදෙන උපදෙස් තමන් පිලිපැදිමට බැදි නොමැති බවයි.

තම වෙලදසැලට නිකුත් කර ගැස් සිලින්ඩර් තමන්ට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන්ට නිකුත් කිරිමේ අයිතිය තමන්ට ඇති බවද එම අලෙවි නියෝජිතයා කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

57 views



Source link

Related posts

lankacgossip | ඇමති චමල් රාජපක්‍ෂට කොරෝනා.. රෝහල්ගත කරයි..

Rohan

lankacgossip | අගමැතිතුමා කතා කරනකොට මට මතක් වෙන්නෙ බැදුම්කර වංචාවයි.. හම්බන්තොට විකිණීමයි..

Rohan

lankacgossip | මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy