Sinhala

lankacgossip | ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…


April 14, 2022 at 2:10 pm | lankacgossip

ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා හය වන දිනටත් අද පැවැත්වෙයි.

තම පක්ෂය එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ පැවසීමත් සමඟ එම විරෝධතා කරුවන් ඊට දැඩි විරෝධය දක්වති.

සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරමින් ඊට සම්බන්ධ පිරිස් සඳහන් කර ඇත්තේ මෙය නිර්පාක්ෂික අගලයක් බවත් එය තවදුරටත් එසේම පැවතිය යුතු බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනත් කිසිදු පසු දේශපාලන පක්ෂයක නායකත්වය අවශ්‍ය නොවන බව ද ඔවුන් කියා සිටිති.

බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ මෙම විරෝධතාවයට දේශපාලන නායකත්වයක් ලැෙබන්නේ නම් තමන් ඊට ලබා දෙන සහයෝගයෙන් ඉවත් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින් ඊයේ පැවසුවේ කිසිදු අරගලයක් නිර්පාක්‍ෂික නැති බවත් තමන් මෙම අරගලයට නායකත්වය දෙන බවත්ය.

0 views



Source link

Related posts

lankacgossip | පැය ගණනක් භුමිතෙල් පෝලිමේ… අයෙකුට 500ක පමණයි… විරෝධතා…

Rohan

lankacgossip | IMF ආධාර දෙන්න තවත් මාස හයක් යනවා.. එතෙක් දුවන්න සල්ලි හොයාගන්න වෙනවා…

Rohan

lankacgossip | කන්තලේ සීනි ෆැක්ටරිය හා අක්කර 20,000ක් ඉන්දියාවට දීමෙන් බරපතල වංචා දුෂණ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy