Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්.. එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි..


April 13, 2022 at 6:20 am | lankacgossip

ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක්.. එය ආණ්ඩුවක් වැටුනාට වඩා භයානකයි..

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීමට සහ අපේක්ෂාවන්ට සංවේදීව කන්දී රට මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා විනිවිදභාවයකින් සහ අවංකව, විශ්වසනීය වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුව ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය අවධාරණය කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පැවසුවේ රට මුහුණ දෙන උග්‍ර විනිමය අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන පීඩනය හමුවේ ජනතා අරගලයක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා, ඉදිරියේදී රාජ්‍ය කඩා වැටීමට හැකි බවත් එය ආණ්ඩුවක් කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් වනු ඇති බවත් මෙහිදී ජයසේකර මහතා පැවසීය.

“මේ ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක්.“

මේ නිසා, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රටට වගකියන සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී එක්වී රට බේරාගැනීම සඳහා අඩුම ගණනේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මද්දුමගේ ආරියරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රසන්ත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

– Media unit

282 views



Source link

Related posts

lankacgossip | නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..

Rohan

lankacgossip | උද්ධමනයෙන් ලංකාව ලෝකෙන්ම තුන්වැනියා.. උඩින් ඉන්නේ සිම්බාවේ හා ලෙබනනය පමණයි.. අලුත්ම වාර්තාව මෙන්න…

Rohan

lankacgossip | බිලියන 18ක පාඩුවක් මැද තෙල් සංස්ථාව සේවකයන් 5000කට බෝනස් දෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy