April 13, 2022 at 8:40 am | lankacgossip
පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආණමඩුව නවගත්තේගම, පල්ලම සහ කරුවලගස්වැව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පත්කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පිරිනමන ලදි.
මෙම අවස්ථාවට ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
1,066 views