April 13, 2022 at 9:21 am | lankacgossip
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ රැදී සිටිමින් විරෝධතාව යෙදෙන තරුණ පිරිස සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් ඒ සඳහා ඔවුන්ට ආරාධනා කරන බවද අග්රාමාත්යවරයා පැවැසීය.
එම විරෝධතාවය අද පස්වන දිනටත් පැවැත්වෙන අතර විරෝධතාකරුවන් විසින් එම ප්රදේශය ‘ගෝටාගෝගම’ ලෙස නම් කර ඇත්තේ තාවකාලික කූඩාරම් මඩු ඉදිකර එහි දිවා රැයේ රැදී සිටිමිනි.
මෙම විරෝධතාවය පසුගිය 09 වන දින ආරම්භ විය.
0 views