Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවයි…


April 12, 2022 at 12:40 pm | lankacgossip

ශ‍්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටුවයි…

රජය විසින් බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය මත විදෙස් ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමේ අපේක්ෂාවෙනි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය පවසන්නේ මෙරට ආර්ථික ගැලපුම් වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් සහ එකඟතාවන්ට අනුකූල අයුරින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙනු ඇති බවයි.

කෙසේ වෙතත් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වන අතර එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව නිවේදනයේ සදහන්ය.

799 views



Source link

Related posts

lankacgossip | ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..

Rohan

lankacgossip | හදිසියේම ආ ප‍්‍රකෝටිපති අදානි මන්නරාමේ.. ලංවිය සුලං විදුලි බලාගාරය දෙසට හැරෙයි… සාකච්චා…

Rohan

lankacgossip | ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy