April 12, 2022 at 10:02 pm | lankacgossip
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කරයි.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සදහන් වෙයි.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස් කිරීම සඳහා විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇතැයිද වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.
0 views