April 12, 2022 at 9:20 am | lankacgossip
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ.
ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී ඇති අතර ගිලන් රථයකින් ගෙන ගොස් ඇත.
නමුත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ රැප් ගායකයකු වන ෂිරාස් යූනස් නමැති අයෙකි.
විරෝධතාවය මේ වන විට සිව්වන දිනටත් පැවැත්වෙයි.
විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම් අටවාගෙන ගාළු මුවදොර පිටියේ රැඳී සිටී.
26,152 views