April 12, 2022 at 2:10 pm | lankacgossip
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් සඳහා ඊයේ රාත්රියේ අරක්කු ලොරියක් ලබාදී ඇති බව එම විරෝධතාවේ ඉදිරිගාමියෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කරයි.
විරෝධතාවය ඇතුලෙද ආණ්ඩුවේ ඔත්තුකරුවන්ට සිටිනා බවත් ඔවුන් සියලු රහස් රජයේ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.
තමන් ළඟ සිටින සියලු දෙනාම අවිශ්වාස කරන ලෙසත් එමෙන්ම විශ්වාස කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සමාජ ජාලා ක්රියාකාරීන් යයි කියාගන්නා පිරිස් අරගලය පාවිච්චි කරමින් ජාවාරමක් සිදු කරමින් සිටින බවද තවදුරටත් චෝදනා කළේය.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මෙම චෝදනා එල්ල කරන ලදී.
0 views