April 12, 2022 at 3:00 pm | lankacgossip
තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් එම ආරාධනය කල බවත් රටේ පවතින වාතාවරණය මත එම ධුරය බාර නොගෙන සිටීමට තීරණය කල බවත් ඔහු පැවසීය.
මෙරට ඇතැම් නිලධාරීන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බවත් එවන් වටපිටාවක වගකීම් ගත්තත් එය වගකීම් ඉටුකිරීම අතිශය අමාරු බව ද හෙතෙම සඳහන් කළේය.
ආර්ථිකය කඩා වැටී මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට තේරුම් කර දුන්නද ඒ කිසි කෙනෙක් මෙම සත්‍ය තත්ත්වය තේරුම් නොගන්නා බවත් හෙතෙම පවසයි.
මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කලේය.
1,425 views