Sinhala

lankacgossip | නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..


April 12, 2022 at 8:02 am | lankacgossip

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින්.

මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක්වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මීට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා’ යයිද හෙතෙම පැවසීය.

42,763 views



Source link

Related posts

lankacgossip | හමුදාවට එන්නත් වැඩිපුර දෙනවා කියා දොස්තරලා විරෝධය.. පැමිණිලි කරයි..

Rohan

lankacgossip | ශ්‍රි පාද මාර්ගයේ වෙලදසැලක ගැස් උදුනක් පුපුරයි… සේවකයකු තුවාල ලබා රෝහලේ…

Rohan

lankacgossip | මෝඩ යකා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.. සාරිය ගැලෙවුවම ලස්සනයි කිවුවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy