April 12, 2022 at 7:14 pm | lankacgossip
බෙන්තොට ප්‍රදේශයට ගෑස් ලොරියක් එන බව පැතිර යෑමත් සමග පන්සීයකට ආසන්න බෙන්තොට ප්‍රදේශයේ පිරිසක් අද(12) ගෑස් ලබාගැනීමේ අරමුණින් උදෑසන සිට ගාලු පාරඅයිනේ ගෑස් ටැංකි පෙළට තබා පැය කීපයක් බලා සිටියත් ගෑස් ලොරියක් නොපැමිණීම හේතුවෙන් එම පිරිස ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බෙන්තොට පැරණි ජන කලා කේන්ද්‍රය අභියසින් හරස්කර විරෝධතාවේ නිරත විය.
එම ස්ථානයට පැමිණි බෙන්තොට පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්ව විරෝධතාවේ නිරත වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර විරෝධතාකරුවෝ දිගටම පැය කීපයක් පාර අවහිර කර විරෝධතාවේ නිරත විය.
මේ අතර විරෝධතාකරුවෝ ගාලු පාර වරාහේන ප්‍රදේශයෙන් අහිතකර තිබියදී බෙන්තර පොලිසිය ගාලු පාරේ ගමන් ගත් වාහන බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය මාර්ගය හරහා උරගස්මන්හන්දිය ටත් එතැන් සිට කොස්ගොඩ හරහා ගාලු පාරට පිවිසීමටත් කටයුතු කළ අතරතුර විරෝධතාකරුවෝ ගාලුපාර ඔස්සේ බෙන්තොට පාලම අසලට පැමිණ නැවතත් මග හරස් කිරීමට කටයුතු කල අතර එම ස්ථානයෙ පැයක පමණ කාලයක් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් ගාලුපාර ඔස්සේ දකුණු පළාතටත් බස්නායක දෙසටත් ගමන් ගත් වාහන විශාල සංඛ්‍යාවක් උද්ඝෝෂණය හේතුවෙන් අවහිර වී ගමනාගමනයට බාධා වී තිබෙන අයුරු දැකගත හැකි විය .
එම ස්ථානයට පැමිණි සහකාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා සහ බෙන්තොට පොලිස් ස්ථානාධිපති තුෂාර කාරියවසම් යන මහත්වරුන් විරෝධතාවයේ නියුතු පිරිසට හෙට දින13 ගෑස් ලබාදීමට පොරොන්දු වීමෙන් විරෝධතාකරුවන් විසිර ගියහ.
– තුසිත කුමාර ද සිල්වා
37 views