April 11, 2022 at 10:00 am | lankacgossip
රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම දැනටද සිදු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.
පසුගිය 8 වැනිදා මෙම යෝජනාවන් දෙක සඳහා සමගි ජන බලවේගය විසින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇත.
මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී මෙම යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කර සිටී.
1,167 views