April 11, 2022 at 6:22 pm | lankacgossip
රට පුරා ප්රදේශ ගණනාවක මේ වන විට පෙට්රල් හිගයක් වාර්තා වෙයි.
ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් බවට දැන්වීම් පළ කර ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් පවසන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට උත්සුක වීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
එමෙන්ම මේ වන විට තෙල් සංස්ථාව විසින් ඉදිරි දින 03ක කාලය තුල පෙට්රල් හා ඩීසල් කෑන්වලට ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට දන්වා ඇත.
593 views