April 11, 2022 at 8:40 am | lankacgossip
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොග ගබඩාවලින් නිකුත් කරන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට සහතික වන බව සංස්ථාවේ රසායනාගාර කළමනාකරු නලීන් චන්ද්‍රසිරි පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ප්‍රමිතියකින් තොර ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි ඇතැම් පිරිස් කරන චෝදනාව සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
මෙරටට ගෙන්වන ඛනිජ තෙල් නෞකාවල තෙල් සාම්පල් හතර වරක් පරීක්ෂාවට ලක්වන බවත් එම පරීක්ෂණ කරන්නේ එකම පරීක්ෂණාගාරයක නොවන බවත් පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ සෑම අවස්ථාවකම ජනතාවගේ ආරක්ෂාවට මුල්තැන දෙමින් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවයි.
යම් ඉන්ධන නෞකාවක ඇති ඉන්ධන ප්‍රමිතියෙන් තොර බව තහවුරු වුවහොත් එවැනි තෙල් තොග ප්‍රතික්ෂේප කිරීමට සංස්ථාව පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.
– රන්මලී සෝමසිරි
473 views