Sinhala

lankacgossip | අලුත්ම සොරකම පෙට්රල් සොරා ගැනීමයි.. වාහනවලින් පෙට‍්‍රල් සොරාගනී…


April 11, 2022 at 8:02 am | lankacgossip

අලුත්ම සොරකම පෙට්රල් සොරා ගැනීමයි.. වාහනවලින් පෙට‍්‍රල් සොරාගනී…

අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන ත්‍රීරෝද රථ වල ඉන්ධන ටැංකි තුළ පුරවා තබන පෙට්‍රල් බටයක් මගින් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කර ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වී ඊට අදාළ සැකකරුවන් සිව්දෙනෙකු (10)අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය.

මේ පිළිබඳ අළුත්ගම පොලිස් වසමේ ත්‍රී රෝද රථ හිමිකරුවන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ත්‍රීරෝද රථ නවතා තිබෙන පරිශ්‍ර තුළට රහසිගතව ඇතුළු වී එම සැකකරුවන් ත්‍රිරෝද රථවලින් ඉන්ධන සොරකම් කර අනතුරුව තිරෝද රථයේ අඟුලු ද කඩා ඒ තුළ තිබෙන (කැබි හෝල් ) සුළු මුදල් ප්‍රමාණයන් ද සොරකම් කර ඇතැයි ලද පැමිණිලි ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර බව කියයි.

සැකකරුවන්මෙම සොරකමට පැමිණෙන්නේද තවත් ත්‍රීරෝද රථයකින් බවත් සොරකම් කරන ලද පෙට්‍රල් තම ත්‍රීරෝද රථයත් යොදා සොරකම් කරන ලද ඉන්ධන ප්‍රමාණයන් අලෙවිකර මත්කුඩු පානයට මුදල් ලබාගැනීමට මෙලෙස ඉන්ධන සොරකම් කරන බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බොන්දුපිටිය, බේරුවල කාලවිල කන්ද . සහ මාතර ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බවත් මාතර ප්‍රදේශයේ සැකකරු අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබු අයකුබවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ උපදෙස් මත අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

– තුසිත කුමාර ද සිල්වා

0 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ නායකයෝ සල්ගාදු පිටියේදී හිට් විකට් වුනා…

Rohan

lankacgossip | රත්නපුරේ මැණික් පොකුර ගැන අධිකාරිය සද්ද නෑ.. එදා කියූ කතා චවන විතරයි..

Rohan

lankacgossip | ඩොලරයක් රුපියල් 450ට යයිලු…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy