Sinhala

lankacgossip | වැවක් මනිමින් සිටි මිනින්දෝරුවෙකු ඔරුව පෙරලී දියේ ගිලී මරුට…


April 11, 2022 at 2:02 am | lankacgossip

වැවක් මනිමින් සිටි මිනින්දෝරුවෙකු ඔරුව පෙරලී දියේ ගිලී මරුට…

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරලී යාම හේතුවෙන් මිනින්දොරු තරුණයෙකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

මිය ගිය තරුණයා සමග සිව් දෙනෙකු ඔරුවක නැගී අම්බාල්කුලම් වැවේ මැනුම් කටයුත්තක් සිදුකරමින් සිටයදී එකවරම ඔරුව පෙරලී ඇති අතර එහිදී එක් තරුණයෙකු දියේ ගිලී ඇති අතර අනෙක් තරුණයින් තිදෙනා පිහිනා ගොඩට පැමිණ තිබුණි.

අනතුරුව යුදහමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දියේ ගිලුනු තරුණයාගේ සිරුරු ඊයේ සවස් කාලයේ සොයාගෙන තිබූ අතර තරුණයා ජලයට වැටී පසුව මඩේ එරීමෙන් දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීන් පවසා සිටියහ.

මිය ගිය තරුණයා මිණින්දෝරු දෙපාර්තමේන්තුවේ තාවකාලික පදනම මත සේවය කොට ඇති අතරම ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් යොවුන් පාර්ලිමේන්තුවටද තේරිපත් වූ අයෙකි.

මෙලෙස දියේ ගිලීමෙන් මරමුවට පත්ව ඇත්තේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නමාසිවායම් ඩිලක්ෂණ් නැමති තරුණයා වන අතර ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

83 views



Source link

Related posts

lankacgossip | චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…

Rohan

lankacgossip | ගෝටාභය යුගය අවසන්..? මීලග නායකයා බැසිල්.. ඔහු කාවන්තිස්ස රජු වගේ..

Rohan

lankacgossip | ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට සභා සේවක පිරිසක් ගුටි අනිති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy