Sinhala

lankacgossip | කෝටියකට ආසන්න අයිස් අත්අඩංගුවට…


April 10, 2022 at 7:10 pm | lankacgossip

කෝටියකට ආසන්න අයිස් අත්අඩංගුවට…

තලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 956 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාව තුල සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර එහිදී ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනොද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 45 වයස්හි පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

80 views



Source link

Related posts

lankacgossip | පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදන පාලන මිල ඉවත් කරයි.. මිල තීරණය වෙලදුන් අතට…

Rohan

lankacgossip | ගුරු විරෝධයට සහාය පල කරමින් දෙමව්පියන් විරෝධතා..

Rohan

lankacgossip | සැගවූ සීනි තොග රවිගේ දියණියගේ සමාගමේද..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy