March 24, 2022 at 10:02 pm | lankacgossip
මහජන බැංකුව බංකොලොත් වී ඇති බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන පුවත සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.
ඔහු පවසන්නේ අදාල ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බවයි.
“මහජන බැංකුව අර්බුදයකට ලක්වෙලා කියන එක අමූලික බොරු කතාවක්. මේ දවස්වල රටේ තියෙන ඩොලර් හිඟයත් එක්ක LC (ණයවර ලිපි) දෙක තුනක් හිර කරගෙන හිටියා. ඒත් අද ඒවාට අවශ්‍ය ඩොලර් මහබැංකුවෙන් ලබාදෙනවා. එතකොට ඒ ප්රශ්නය අදින් ඉවරයි. මෙතන වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. රුපියල්වලින් කොහෙත්ම ප්‍රශ්නයක් නෑ, මේවා සම්පූර්ණ බොරු ප්‍රචාර. කවුරුත්ම කලබල වෙන්න අවශ්‍ය නෑ, මහජන බැංකුව කියන්නේ එහෙම කවදාවත් ප්‍රශ්නයක් වෙන ආයතනයක් නෙවෙයි. මේවා මේ මිනිස්සු නොමඟ යවන්න කියන බොරු කතා”
මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රජයේ බැංකුවන් ‘ඩිෆෝල්ට්’ වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
1,318 views