March 25, 2022 at 12:02 am | lankacgossip
ජනමාධ්‍යවලින් තමනට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය සඳහන් කරයි.
රිදීගම සෆාරි උද්‍යානයේ ඇතිවූ ගැටළුකාරී සිදුවීමක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය කියා සිටියේ අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඉදිරිපිට දී බවයි.
එය කණගාටුවට කාරණාවක් බවත් තමන් ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් ඇය සඳහන් කළාය.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මීට පෙර ද අධ්යක්ෂ ජනරාල්වරියට බැන වැදී ඇතැයි මාධ්‍ය වාර්තා පල විය.
0 views