March 23, 2022 at 2:10 pm | lankacgossip
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන දැනට වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1500 ක් මුදා හැරීම සඳහා ඉන්දියානු ණය පහසුකම භාවිතා කිරීමට ඇතැම් සැපයුම්කරුවන් අකමැත්ත දක්වා හේතු ඇත.
ඇතැම් සැපයුම් කරුවන් සඳහන් කර ඇත්තේ තමනට ඉන්දීය රුපියල් නොව ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු බවයි.
ඉන්දියාවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය මෑතකදී ඉන්දීය රජය සමග ණය පහසුකම් ගිවිසුමකට අත්සන් තැබීය.
ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ මුදාහැරීමට එම ණය පහසුකම භාවිතා කිරීමට රජය තීරණය කරන ලදී.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙම ණය පහසුකම ක්‍රියාවට නැංවීම සඳහා තවත් බොහෝ කටයුතු සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇති බවයි.
ඇතැම් සැපයුම්කරුවන් එක්සත් ජනපද ඩොලර් වලින්ම සිය ගෙවීම් ඉල්ලා සිටින නිසා ඉදිරියේ දී මෙම ආනනය ගැටලුව බලපානු ඇතැයිද ආනයනකරුවන් කියා සිටිති.
591 views