Sinhala

lankacgossip | සර්ව පාක්‍ෂික සමුළුවේදී ‘රනිල් හිට් ද බැසිල්..’


March 23, 2022 at 3:50 pm | lankacgossip

සර්ව පාක්‍ෂික සමුළුවේදී ‘රනිල් හිට් ද බැසිල්..’

ජනාධිපතිවරයා විසින් අද කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන වැඩපිළිවෙළ සහිත වාර්තාව හෝ ඊට අදාළ මූලික ලියවිල්ල ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටි අතර බැසිල් රාජපක්ෂ මහතා දිගින් දිගටම කියා සිටියේ එවන්නක් ලැබී නැති බවයි.

නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එම සමුළුවට කැදවා ඒ ගැන ප‍්‍රශ්ණ කරන්නැයි වික‍්‍රමසිංහ මහතා පැවසූ විට මුදල් ඇමතිවරයා පැරවසුවේ එහි දළ සැලැස්ම ලැබී ඇති බවත් එය ලබා දිය නොහැකි බවත්ය.

මෙතෙක් කල් එවන්නක් හෝ ලැබී නැති බව පැවසූවත් දැන් එවැන්නක් ලැබී ඇති බව පවසන බවත් එය පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් සුදුසු බවද හිටපු අගමැතිවරයා එහිදී පැවසීය.

830 views



Source link

Related posts

lankacgossip | බිරිඳ විසින් හිරමනයෙන් පහර දී සැමියා ඝාතනය කරයි…

Rohan

lankacgossip | OL-AL අරඹන්න නිර්දේශ දෙයි.. තරගාවලිය පේ‍්‍රෂක්‍ෂකයන්නට විවෘත කරන්න යයි..

Rohan

lankacgossip | වැලි කියුබ් එකක් විසි එක්දාහයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy