March 23, 2022 at 6:20 am | lankacgossip
ලිට්රෝ ගැස් සමාගම විසින් නුවරඑලිය නගරයේ ගැස් අලෙවි නියෝජිතයා වෙත සිව් දිනකට පසු (22) දින ගැස් සිලින්ඩර් 60 නිකුත් කර ඇත.
එම ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට (22) දින අලුයම සිට පාරිභෝගිකයන් 200 දෙනෙකු පමණ පොලිමේ රැදි සිටි අතර , පස්වරු 3 ට පමණ ලිට්රෝ ගැස් සමාගමේ ලොරි රථයක් එම ස්ථානයට පැමිණ ගැස් සිලින්ඩර් 60 ලබා දිමත් සමග පොලිමේ රැදි සිටි විශාල පිරිසකට ගැස් සිලින්ඩර් ලබා ගැනිමට නොහැකි විය.
මේ අතර නුවරඑලිය නගරයට පැමිණි විදේශිය සංචාරක කාන්තාවක් අප කල විමසුමකට කියා සිටියේ ශ්‍රි ලංකා රජය මගින් ලංකාවේ සංචාරය කරන ලෙසට ලෝව පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කලද එම ආරාධනා අනුව ලංකාවේ සංචාරයට පැමිණෙන විදේශිකයන්ට අවශ්‍ය පහසුකම් මෙරට තුල නොමැති බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
117 views