Sinhala

lankacgossip | මෙතරම් විශාල හමුදාවත් අපට මොකටද.. එංගලන්තයේත් හමුදාව ලක්ෂ දෙහමාරයි..


March 24, 2022 at 3:20 am | lankacgossip

මෙතරම් විශාල හමුදාවත් අපට මොකටද.. එංගලන්තයේත් හමුදාව ලක්ෂ දෙහමාරයි..

නවීන තාක්ෂණයට, නවීන ආර්ථික තත්ත්වයට සහ නවීන ගෝලීය තත්ත්වයන් වලට ගැලපෙන ලෙස මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“අපි පාසල් යන කාලයේ ඉඳන්, ඉගෙනගත්ත කාරණයක් තමයි, මේ රට ලේ බිඳක්වත්, නොසොල්වා නිදහස ලබාගත් රටක් හැටියට. නමුත්, මේ ගෙවුණු දශක 7 ක කාලය තුළ, සෑම ජන කණ්ඩායමකටම අයිති, තරුණ, තරුණියෝ, එසේ නොවන පිරිස්, කැරලි කෝලාහල ත්‍රස්තවාදී ක්‍රියාවලට, සමාජ පිපිරීම් වලට ගමන් කරලා මේ රටේ අති විශාල මනුෂ්‍ය ඝාතන, අතුරුදහන්වීම් සිදුවුණු රටේ අති විශාල ජනතාවක් රටෙන් පලා ගොස් පිටරට ජීවත් වුණු, තමන්ගේම මව්බිමේ අනාථයින් බවට පත් වූ රටක් හැටියටයි අපට මේ රට දකින්න ලැබෙන්නේ.”

1979 දී එවකට මහා බ්‍රිතාන්‍යයේ තිබුණු අයි.ආර්.ඒ. ගරිල්ලා ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ගෙන ආ නීති පද්ධතිය මුළුමනින්ම ‘කොපි’ කරමින් ලංකාවට ගෙන ආ පනතක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද බව රණවක මහතා පෙන්වා දෙයි.

“මේ පනතෙන් බැට කාපු කෙනෙක් තමයි මේ මමත්. අපිවත් රැඳවුම් නියෝග නැතුව රඳවාගෙන තබාගෙන මේ ආකාරයටම වද වේදනාවට ලක් කරපු කණ්ඩායමක් අපි. අපේ පරම්පරාව අති විශාල ලේ කඳුළු වලින් වන්දි ගෙවපු පිරිසක්. ඒ නිසා එවැනි තත්ත්වයන් නැවත මේ රට තුළ ඇති නොවෙන්න කටයුතු කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. දැන් මේ පවතින පනත ගැන විවිධ විවේචන තිබෙනවා. පළමුවෙන්ම මේ පනත, වර්තමානයට, නවීන තාක්ෂණයට,නවීන ආර්ථික තත්වයට, නවීන ගෝලීය තත්ත්වයන්වලට ගැලපෙන්නෙ නැති අතීතයට අයිති පනතක්. මෙය ක්‍රියාත්මක කිරීමේදී චුදිතයින්ගේ මානව හිමිකම් පිළිබඳව හැඟීමකින් තොරව ඒවා කඩවෙන ආකාරයට මෙය ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රියාත්මක කිරීමේදී නීතිය පිළිගත් සාධාරණත්වයේ මූලධර්මයන් උල්ලංඝනය වන ආකාරයට මේ පනත ක්‍රියාත්මක කරලා තිබෙන බව අතීතය දිහා බලනකොට අප පිළිගත යුතුයි. ඒ වගේම ඉතාම බරපතළ විදිහට මේක දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරලා දේශපාලන විරුද්ධවාදීන් රඳවා තබා ගැනීමේ නියෝග අනුව පවත්වාගෙන යාමට පවත්වාගෙන ගිය පනතක් බවත් අපට දැන් පැහැදිලියි.” එය ඈත මෙන්ම මෑත අතීතයේ සිදුවීම් අනුව පැහැදිලි වී තිබේ.

මෙම පනතේ ස්වරූපය මත රටේ නීති තනන, පාර්ලිමේන්තුවේ උපදේශනයට හා නියාමනයට, මේ පනත යටත් නොවීම ද බරපතල ගැටළුවකි. ඒ නිසා, මේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව වෙනුවෙන් එවකට යහපාලන රජය ඒ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත් සකස් කළේය. එමෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කොමිසම යන ආදී ආයතන එක් වී නව පනතක අවශ්‍යතාවය ඉදිරිපත් කළහ. එබැවින් නව පනතක අවශ්‍යතාව අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා එම අවශ්‍යතාවය සපුරා ලීමේ දී මතක තබාගත යුතු කරුණු සම්බන්ධයෙන් ද පැහැදිලි කළේය.

“නීති රීති පමණක් ගැන සලකලා අපිට කතා කරන්න බෑ. ලෝකයේ අද පවතින නව ආර්ථික තත්වය අපේ විදේශ උපායමාර්ගය, විදේශ ප්‍රතිපත්තිය, ඒ වගේම අපේ ආරක්ෂක උපාය මාර්ගය මොකක්ද කියන එක මත අපේ මේ නීති රීති පවතිනවා.”

අපි එල්ටීටීඊ ත්‍රස්තවාදයට මුහුණ දීලා එය පරාජය කළා. අති දැවැන්ත යුද හමුදාවක් අපි බිහි කළා. අපි ඒ පරාජයෙන් පස්සේ ඒ රණවිරුවන් පිළිබඳව අපි ආඩම්බර වුණා. නමුත් මේ වර්තමාන තත්ත්වයට මෙතරම් විශාල ආරක්ෂක අංශයක් දැන් රටට අවශ්‍ය ද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. අපේ රටේ සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රමාණය ලක්ෂ 3 කට ආසන්නයි. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රංශයේ මේක දෙලක්ෂ පනස් දාහයි. ඉතින් මේ නිසා අපි කල්පනා කර බැලිය යුතුයි අපි තවදුරටත් මේ දැවැන්ත ආරක්ෂක ව්‍යුහය පවත්වාගෙන යනවාද කියන එක. ඒ වගේම අද තාක්ෂණික පැත්තෙන් ගත් කල අතිශය වෙනස් තත්ත්වයන්වලට ලෝකය පත්වෙලා තියෙනවා. බිම් බෝම්බ එහෙමත් නැත්නම් පැති බෝම්බ වෙනුවට අද ඩ්‍රෝන යාත්‍රා එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ සිදුකරන අපරාධ මගින් ප්‍රහාර මගින් තමයි අද ත්‍රස්තවාදය බරපතළ ලෙස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපිට අද අවශ්‍යයි සුහුරු හමුදාවක් මේ රටේ අනාගතය ගෙනියන්න. සුහුරු පොලිස් සේවාවක් අපිට අවශ්‍යයයි. ඒ වගේම දේශපාලන නියාමනයෙන් තොර ස්වාධීන පොලිස් සේවාවක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපට බලගතු නාවික හමුදාවක් අවශ්‍යයි. මොකද ශ්‍රී වගේ 23 ගුණයක් විශාල මුහුදු තීරයක් අපට ආරක්ෂා කරන්න තියෙනවා. ඒක අපිට ආදායම් උපදවන තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒක ජාවාරම්කාරයෝ තුන් හතර දෙනෙකුට ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බලය යටතේ තියෙන්න ඕන දෙයක්. ඒ වගේම අපට අවශ්‍යයයි අපේ සම්පත් සහ අනෙකුත් දේවල් රැකවල් කිරීම සඳහා අවශ්‍ය කරන බලගතු ගුවන් සේවයක්. ඒක විදේශ රටකට, විදේශ රටවල් වල යානා වලට, අපේ රටේ සම්පත් ගවේශණය කිරීමේ අයිතිය දෙනවට වඩා, අපේ ගුවන් හමුදාව මගින් ඒ කටයුතු කිරීමේ ක්‍රියාවලියක් අපිට අවශයයි. ඒ නිසා නව ත්‍රස්ත පනතක් ගේනවා නම්, මේ තාක්ෂණික කාරණා පිළිබඳව, මේ නව ආර්ථික ප්‍රවණතා පිළිබඳව, අපගේ ආර්ථික උපාය මාර්ගය පිළිබඳව, අපගේ විදේශ ප්‍රතිපත්තිය ගැන, මේ කරුණු සියල්ලම සැලකිල්ලට අරගෙන ඒක කරනවා මිසක් විදේශ රටවල් වල නියෝග මත පමණක් අපි යම් යම් දෑ වෙනස් කරන්නට යාම සුදුසු නැහැ. මේ සම්බන්ධයෙන් යම් කෙටුම්පතක් පසුගිය රජය ඉදිරිපත් කළා.”

පසුගිය යහපාලන රජය විසින් සකස් කළ කෙටුම්පත පදනම් කරගෙන පූර්ණ ක්‍රියාවලියකට යනවා විනා අතනින් මෙතනින් පුංචි පුංචි සංශෝධන කිරීම සුදුසු නොවන බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

– Media unit

0 views



Source link

Related posts

lankacgossip | ඔමික්‍රෝන් සමාජ පැතිරීමක විය හැකියි..

Rohan

lankacgossip | දරුවන් අතර කොරෝනා වේගයෙන් පැතිරේ.. යලි පාසැල් වසා දැමීමේ තත්වයක්..

Rohan

lankacgossip | ඉන්ධන හල්වලට සන්නද්ද හමුදා භටයන් යොදවයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy