March 24, 2022 at 2:15 am | lankacgossip
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියානු රජය කරනු ලබන සහයෝගයන් පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කර ඇත.
විශේෂයෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවට ලබාදුන් ණය ආධාර පිළිබඳව ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉදිරියේදීත් ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.
රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
0 views