March 23, 2022 at 3:00 pm | lankacgossip
1930 වසරෙන් පසු ලෝකයේ ඇතිවූ විශාලතම ආර්ථික අවපාත යුගය මෙම යුගය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් මුළු ලෝකයේම ජනතාව වෙනදා නොවූ විරූ තරමින් පීඩාවකට පත්ව සිටින බවද හෙතෙම කියා සිටී.
අද ලෝක පරිමාණයෙන් විශාල උද්ධමනයක් ඇති වී තිබෙන බවත් එය අප වන් කුඩා ආර්ථිකයන් ඇති රටවලට දැඩි ලෙස බලපාන බවත් හෙතෙම පවසයි.
සියලු අතින්ම දියුණු ඇමරිකාවද කොරෝනා වසංගතයේ දරුණු බලපෑමකට ලක් වුවත් දියුණු මනසක් සහිත ඇමරිකානුවන් එරට ජනාධිපති ජෝ බයිඩන්ට ඉඩ ඉල්ලා අස්වෙන්නැයි නොකියන බව ද හෙතෙම පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.
0 views