Sinhala

lankacgossip | ඉන්දියාවෙන් ගත් ණයෙන් ගම් දාහතරදාහකට ‘පොහොට්ටු කඩ’… පොහොට්ටු සාමාජිකයන්ට කූපන්…


March 23, 2022 at 10:00 am | lankacgossip

ඉන්දියාවෙන් ගත් ණයෙන් ගම් දාහතරදාහකට ‘පොහොට්ටු කඩ’… පොහොට්ටු සාමාජිකයන්ට කූපන්…

ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ගම්මාන දාහතරදාහක පොහොට්ටු සාමාජිකයෙකු බැගින් තෝරාගෙන වෙළඳසැල් ආරම්භකොට පොහොට්ටු සාමාජිකයන්ට කූපන් ලබා දී ඒ වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටින බව පැවසූ ඒ මහතා එවන් තත්ත්වයක් තුළ පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විමසීය.

ඒවාට විසඳුම් ලබා දෙනවා වෙනුවට පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රට බිල්ලට දෙමින් සිටින බවද චෝදනා කලේය.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

2,127 views



Source link

Related posts

lankacgossip | ජනතාව හාම්පුතුන් ලෙස සලකන්න..

Rohan

lankacgossip | ජනපති බලය අගමැතිට ගන්න යෝජනාවක්…

Rohan

lankacgossip | කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy