March 22, 2022 at 10:22 pm | lankacgossip
ආහාර සහ ඉන්ධන උග්‍ර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුවට ඔබ්බෙන් පිහිටි දූපතක අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැමියා සහ බිරිඳ ඔහුගේ මාස හතරක් වශයෙන් පුත්‍රයා සහ තවත් කාන්තාවක් ඇගේ වයස අවුරුදු දොළහක දරුවන් දෙදෙනෙකුද වන බව එම වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාවේ දී ආහාර ලබා ගැනීම තමනට අපහසු වී ඇති බව ඔවුන් ඉන්දියා බලධාරීන්ට දන්වා ඇත.
බෝට්ටු කරුවකු විසින් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඔවුන් මෙම දූපතට ගෙනවිත් දමා ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.
බෝට්ටුවලින් ඉන්දියාවට පලා යාමට තවත් බොහෝ පිරිසක් බලා සිටින බව ඔවුන් ඉන්දීය වෙරලාරක්ෂක බලකායට පවසා ඇත.
මේ වන විට ඔවුන් සරණාගත කඳවුරැ වෙත ගෙන ගොස් ආහාර ලබා දී ඇති බව.් ඉදිරි කටයුතු පොලිසියට භාරදී ඇති බවත් වාර්තාව කියයි.
එම වාර්තාව මෙතනින්…
806 views