Sinhala

lankacgossip | වාහන ගේන්න මහ බැංකුව අවසර දෙයි.. කොන්දේසියක් දමයි..


March 12, 2022 at 12:00 pm | lankacgossip

වාහන ගේන්න මහ බැංකුව අවසර දෙයි.. කොන්දේසියක් දමයි..

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර ඇත.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී ඇත.

– ලංකාදීප

0 views



Source link

Related posts

lankacgossip | විරෝධතාකරුවන් ගුවන් තොටුපල පිවිසුම් අහුරමින්.. ලොක්කන්ට රට පනින්න නොදේ..

Rohan

lankacgossip | පෙන්ෂන් ගෙවන්නත් සල්ලි නැතිවෙනවා.. මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා.. හේතුව කොරෝනා නොවේ..

Rohan

lankacgossip | ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy