March 12, 2022 at 8:40 am | lankacgossip
ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමග බස් ගාස්තු 50-60% කින් ඉහළ දැමීමට සිදුවන බව බස් සංගම් කියා සිටිති.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මනින් වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි.
ලංගම ඩිපෝ හරහා හෝ ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
එසේ සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් බස් ගාස්තු සියයට හැටකින් පමණ ඉහල දැමිය යුතු බවත් එවිට අවම බස් ගාස්තුව රුපියල් 35 ක් පමණ වනු ඇති බවද හෙතෙම පැවසීය.
676 views