March 12, 2022 at 10:00 am | lankacgossip
රුපියල අවප්‍රමාණය කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙරට ආනයනික සහල් කිලෝවක මිල 50% කින් පමණ ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
එවන් තත්ත්වයකදී දේශීය සහල්ද ඒ අනුව මිල ඉහළ යාමක් සිදුවී කිලෝවක මිල රුපියල් 300 ට ආසන්න විය හැකි බවද හෙතෙම පැවසීය.
එමෙන්ම සීනි, කිරිපිටි, එළවළු, ගෑස්, ඉන්ධන, පාන්, බනිස්, ඇඳුම් පැළඳුම්, පොත්පත්, සපත්තු සෙරෙප්පු ආදි සෑම දෙයක්ම 35% ක 70%ත් අතර මිල ගණනකින් ඉහළ යනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
යතුරුපැදි, පාපැදි, මෝටර් රථ, සිමෙන්ති, ටයිල්, විදුලි උපකරණ වැනි දෑ ද පාලනයකින් තොරව ඉහළ යනු ඇති බව ද හෙතෙම කියා සිටී.
මෙම තත්ත්වයන් මත රටේ පැවති උද්ධමනය තවත් තුන් ගුණයකින් පමණ වැඩි කරනු ඇති බවත් ඒ තත්ත්ව යටතේ අන්ත අසරණ දුප්පත් මිනිසුන් කබලෙන් ළිපට වැටී හිඟන්නන් බවට පත්වීම අනිවාර්යෙන් සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
1,039 views