March 12, 2022 at 7:10 pm | lankacgossip
2015 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත බදවා ගත් 2017 – 2019 විද්‍යාපිඨ කණ්ඩායමේ සිසුන් 4700 ක පිරිසකට සීමාවාසි පුහුණුව අවසන් කර මාස 7 ක කාලයක් ඉක්මවා ගියද තවම පත්විම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයට නොහැකි වි ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහාතා මාධ්‍ය හමුවකදි පැවසිය.
අධ්‍යාපන අමාත්‍යංශය මාර්තු 31ට පෙර විද්‍යාපීඨ ගුරුවරුන්ට පත්විම් ලබා දිම සිදු නොකලහොත් අප්‍රේල් 4 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විද්‍යාපිඨ සිසුන් සමග එක්ව උද්ඝෝෂණයක් පවත්වන බව හෙතෙම පැවසිය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහාතා පැවසුවේ ඇතැම් විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සහා සිසුන් සුලු පිරිසක් ආන්ඩුවේ රෙදි අපුල්ලන බවත් ඔවුන් විසින් විද්‍යාපීඨ සිසුන් බිය ගන්වමින් පත්විම් ලබාගැනිමට පාරට බැස අරගල කිරිමට බාධා කරන බවත් 2021 වසරේද විද්‍යාපීඨ පත්විම් ලබාගැනිමේදිද මේ ආකාරයෙන් ක්‍රියාකල බවත් මෙවර ඒ ආකාරයෙන් කටයුතු කිරිමට සුදානම් නොවන ලෙස එම පිරිසට දන්වන බවත් උද්ඝෝශණයකට සහාභාගි වන සිසුන් ගේ රැකියා සුරක්ශිතතාව පිළිබද වගකිම ලංකා ගුරු සේවා සංගමය විසින් දරන බව පැවසිය.
– චරිත් රනවක
0 views