Sinhala

lankacgossip | IOC මිල නැංවීමෙන් සිපෙට්කෝ පාඩුව උතුරා යයි.. දැවැන්ත මිල නංවීමකට සිපෙට්කෝ සැරසේ..


March 11, 2022 at 10:40 am | lankacgossip

IOC මිල නැංවීමෙන් සිපෙට්කෝ පාඩුව උතුරා යයි.. දැවැන්ත මිල නංවීමකට සිපෙට්කෝ සැරසේ..

ඉන්දීය තෙල් සමාගම විසින් තම බෙදුම්මල් වල ඉන්ධන මිළ නැවත වතාවක් වැඩි කිරීමත් සමඟ පාරිභෝගිකයන් වැඩි වශයෙන් සිපෙට්කෝ බෙදුම් හල් වෙත ඇදී එමින් තිබේ.

ඊට හේතුවී ඇත්තේ සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්ධන මිල ඉන්දීය තෙල් සමාගමට වඩා අඩු මිළකින් යුක්ත වීමයි.

ඉන්දීය තෙල් සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ටල් ලීටරයක් රුපියල් 254ක් වන විට සිපෙට්කෝ බෙදුම්හල්වල එම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 177 කට අලෙවි කරයි.

ඉන්දීය තෙල් සමාගමේ බෙදුම් හල්වල වල ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 214 වෙද්දී හරි සිපෙට්කෝ බෙදුම් හල්වල එම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 121කි.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ තමන් මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක් පමණ අලාභයක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පමණ අලාභයක් ලබන බවත් ය.

තව දුරටත් මෙම පාඩුව දරාගත නොහැකි නිසා හැකි ඉක්මනින් මෙම මිළ වැඩි කිරීම සිදු කරන ලෙසද තෙල් සංස්ථාව විසින් දැනටමත් ඉල්ලා ඇත.

යම් හෙයකින් මෙම මිල වැඩි කිරීමට අවසර ලබා දුනහොත් එය ඉතිහාසයේ සිදුකරන වැඩිම ඉන්ධන මිල නැංවීම වනු ඇත.

352 views



Source link

Related posts

lankacgossip | සබන් ලොරියක් අනතුරට…

Rohan

lankacgossip | රතන හිමි පක්‍ෂයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කරන්නැයි කොමිසමට දැනුම් දේ..

Rohan

lankacgossip | නත්තල් සාදයකට ගිය තරුණයාගේ සිරුර ළිඳක තිබී සොයාගනියි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy