March 12, 2022 at 2:18 am | lankacgossip
යාපනය අච්චුවේලි පොලිස් වසමේ පූතූර් ප්රදේශයේ නිවසක අඹුසැමි යුවලකට විදුලිසැර වැදීමෙන් 10 සවස මිය ගොස් සිටියදී සිරුරු හමු වූ බවට පොලීසිය පැවසීය.
පූතූර් බටහිර ජේ.273 ග්රාමසේවා වසමේ පදිංචිව සිටි අදාල අඹුසැමි යුවල පළමුව බිරිඳ දිය නෑම සඳහා ළිඳලඟ පිහිටි වතුර ටැංකිය සමීපයට ගිය අතරතුර විදුලිසැර වැදී කෑගසා ඇති අතර අනතුරුව විදුලිසැර වැදුනු බිරිඳ බේරාගැනීමට පැමිණි සැමියාටද විදුලිසැර වැදී වැටී එම් ස්ථානයේම මිය ගොස් ඇති බවට අනාවරනය වෙයි.
මිය ගිය අයගේ දියණිය එම අවස්ථාවේදී නිවසේ නොසිටි අතර දියණිය නිවසට පැමිණ පරික්ෂා කිරීමේදී මව සහ පියා වැටී සිටිනු දැක උදව් ඉල්ලා කෑගැසීමේන් අසල්වාසීන් පැමිණ පරික්ෂා කරන විටද දෙදෙනාම මිය ගොස් තිබීම හේතුවෙන් ඒ පිළිබඳව වහාම අච්චුවේලි පොලීසියට දැනුම් දෙන ලදි.
සිද්දිය වූ ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකල පොලීසිය විසින් සැකපල කොට සිටියේ දිය නෑමට ගිය කාන්තාව වතුර ටැංකියේ වතුර නොතිබීමෙන් වතුර මෝටරය පණගැන්වීමට ගිය අවස්ථාවේදී කාන්තාවට විදුලිය කාන්දුවී විදුලි සැර වැදී ඇති අතරම පසුව පිරිමි පුද්ගලයාට වැදී ඇති බවටය.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ පූත්තූර් බටහිර ප්රදේශයේ පදිංචි සැමියා වූ 59 හැවිරිදි මාසිලමනී සිවප්රකාශම් සහ බිරිඳ වූ 55 හැවිරිදි සිවප්රකාශම් නකුන යන අයවන අතර අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
87 views