Sinhala

lankacgossip | විදුලිය-ඉන්ධන-ගෑස් නෑ.. සංචාරකයෝ සංචාර මග නවතා ආපසු රටින් පිටවෙති..


March 11, 2022 at 12:00 pm | lankacgossip

විදුලිය-ඉන්ධන-ගෑස් නෑ.. සංචාරකයෝ සංචාර මග නවතා ආපසු රටින් පිටවෙති..

මෙරටට පැමිණ සිටින සංචාරකයන් විදුලි අර්බුදය ඩීසල් හිගය හේතුවෙන් තම සංචාර අතරමග නවතා දමා ආපසු තම රටවල් වෙත යමින් සිටින බව සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක හෝටල් හිමියන් කියා සිටිති.

විදුලිය ඇණ හිටි අවස්ථාවල විදුලි උත්පාදනය සඳහා හෝටල් වල ඇත්තේ ඩීසල් වලින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදන යන්ත්‍ර බවත් ඒවාට ඩීසල් නොමැති වීමෙන් සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව චෝදනා එල්ල කරන බවද හෝටල් හිමියෝ පවසති.

යාල ඇතුළු වනෝද්‍යානවල සංචාරය සඳහා විදෙස් රටවලින් පැමිණි පිරිස් වලට එම ගමන් යාම සඳහා ඉන්ධන සපයා ගැනීම අපහසු තාවය හේතුවෙන් ඒවා ද මන්දගාමී වී ඇත.

ඊට අමතරව හෝටල්වල ආහාර සැකසීම සඳහා ගෑස් හිගතාවය හේතුවෙන්ද අර්බුදකාරී තත්වයකට පත්ව ඇත.

මේ හේතු මත සංචාරකයන් කලකිරීමට පත්ව ලංකාවෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවත් මෙය සංචාරක කර්මාන්තයට ඉතා බරපතළ හානියක් බවත් ඔවුන් කියා සිටිති.

716 views



Source link

Related posts

lankacgossip | ජනාධිපති-අගමැති දිගටම රට පාලනය කල යුතුයි..

Rohan

lankacgossip | චම්පික ගස්.. 10 වැනිදා කිසිම ලෙඩක් තිබුනේ නෑ.. වෛද්‍ය වාර්තාව අධිකරණයේ…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව තුල හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy