March 11, 2022 at 6:20 pm | lankacgossip
පාර්ලිමේන්තුවේ පැවති බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී තමනට අදහස් පල කිරීම සදහා වේලාවක් ලබා නොදුන් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කරන්නේ තමන්ට කාලයක් ලබා දෙන්නැයි කරන ලද ඉල්ලීම ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය විසින් ප්රතික්ෂෙක කරන ලද බවයි.
මේ පිලිබදව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමේදී කථික ලැයිස්තුව පිරී ඇති නිසා කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බව දැන්වූ බවද හෙතෙම සදහන් කරයි.
934 views