March 11, 2022 at 8:02 am | lankacgossip
යාපනය පේදුරුතුඩුව ප්රධාන මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථ රියදුරෙකුට 09 දින කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
පේදුරුතුඩුව සිට යාපනය දක්වා ධාවනය වූ අදාල පෞද්ගලික බස් රථයට යාපනය සිරුප්පිඩ්ඩි සහ නීර්වේලි ප්රදේශයන්හි සිට පුද්ගලයින් දෙදෙනෙකු ඇතුල්වී බස්රථය ධාවනය වෙමින් තිබෙන අවස්ථාවේදී තියුණු පිහියක් වැනි යමකින් බස්රථ රියදුරුගේ මුවට සහ හිසට එකවරම පහරදීම සිදුකල බවට මගීන් පොලීසියට පවසා ඇත.
එහිදී කැපුම් තුවාල සහිත බස්රථ රියදුරු අනතුරක් නොවී බස් රථය නවතා ඇති අතර රියදුරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතරම පෞදග්ලික හේතුවක් මත මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය සැකපල කර සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
77 views